Untitled Document
 Untitled Document



ශ්‍රී ලංකා රජය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තූව

පශූ වෛද්‍ය පීඨය

පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනය

මධ්‍යම කදුකරයේ පේරාදෙණියෙහි පිහිටා ඇති පශු වෛද්‍යය පර්යේෂණ ආයතනය ජාතික මටිටමෙ එකම එවැනි ආයතනය වන අතර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පාලනයවන ජාතික පශු සම්පත් අමාත්‍යාංශය යටතේ වූවකි. 1911 දී රෝග විනිශ්චය රසායනාගාරයක් ලෙස ආරමිභ කරනලද මෙය 1967 දී ආයතනයක් ලෙස පිහිටුවන ලදී. ආරමිභයේ සිටම ආයතනය මගින් බෝවන රෝග සදහා එන්නත් ශාර නිෂ්පාදනය,රෝග විනිශ්චය,විශ්ලේෂණ හා උප‍දේශන සේවා වලට අමතරව පශු සමිපත් හා කුකුළු පාලන ක්ෂෙත්‍ර යන්හි පර්යේෂණ කටයුතූ කරගෙන යන ලදී. දැනට මෙම ආයතනයේ පර්යේෂකයින් 23ක් අංශ 7ක් තූල හා පාලන,මධ්‍යම හා උපකාර කාර්ය මණ්ඩල ඇතූළු මුළු කාර්ය මණ්ඩලය 187 ක් සේවයේ යෙදෙමින් සිටී.

  1890 පලමු පශු වෛද්‍ය නිලධාරී
  1911පශු රෝග විනිශ්චය රසායනාගාරය කොළඹ.
  1936 පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  1939රසායනාගාරය පේරාදෙණියට ගෙන ඒම.
  1941පශු පර්යේෂණ ආයතනයලෙස නමිකිරීම.
  1949 කාලගාත්‍ර,ඇන්ත්‍රෑක්ස් හා බෘසෙල්ලෝසිස් එන්නත් නිපදවීම.
  1955 කූණ්ඩසාලය මධ්‍යම කුකුළු පර්යේෂණ මධ්‍යස්ථානය ඇරඹීම .
  1956 ගව රක්තාශ්‍රව රෝගය සදහා එන්නත් නිපදවීම .
  1960 කුකුළු වසංගත රෝගය සදහා එන්නත් නිපදවීම .
  1967 පශු පර්යේෂණ ආයතනයෙහි අංශ සංස්ථාපනය .
  1982 ගන්නෝරුවෙහි නව එන්නත් ශාර රසායනාගාරය පිහිටුවිම .
  1984 ශාඛාණු විද්‍යා,කුකුළු,රෝග විනිශ්චය හා විමර්ෂණ අංශ වෙන්කිරීම .
  1985 ගව රක්තාශ්‍රව රෝගය සදහා කළාපීය විමර්ෂණ රසායනාගාරය ලෙස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නමිකිරීම .
  1991 නව විෂාණු විද්‍යා අංශය සංස්ථාපනය .
  1999 සත්ව ආහාර විමර්ෂණ රසායනාගාරය සංස්ථාපනය .
  2000 සත්ව ආහාර නිෂ්පාදකයින්ගේ පුහුණු හා වැඩමුළු සදහා සත්ව ආහාර නිෂ්පාදනාගාරයක් පිහිටුවීම,මධ්‍යම කුකුළු පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික පශු සමිපත් සංවර්ධන මණ්ඩලයෙන් වෙන්වීම .
  2005 තොරතූරු තාක්ෂණ මධ්‍යස්ථානය හා බහුමාධ්‍ය ඒකකය පිහිටුවීම .

Copyright Information Technology & Mutimedia Unit VRI © 2010 ·All Rights Reserved